June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

STF මෙහෙයුමකින් රු.කෝටි 07ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු බ්ලුමැන්ඩල් වලින් අල්ලයි



විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන්ට ලද  තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින (6) දින බ්ලුමැන්ඩල් පොලිස් වසමේ සිදුකල වැටලීමකදී කෝටි 07 අධික මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ පාර්ශවයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු 21 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු ඔහු ප්‍රකට පාතාල  කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය  ජාවාරම් කරුවෙකු වන කිඹුලා ඇලේ  ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු වන විදෙස් ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සුහර්ෂ් නැමැත්තාගේ ගෝලයෙකු බව සඳහන්.  

අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු අලුත් මාවත පාර,කොළඹ 15 පදිංචි පුද්ගලයෙකු වේ.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 යි ග්‍රෑම් 22 ,හෑෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 527 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 4ක් සහ ජංගම දුරකතනයක් සොයාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 07කට අධික බව සඳහන්.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය  වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කොළඹ  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත  භාර දී ඇත.

ASK




Source link