June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

PCR රිපෝර්ට් එනකන් එළියට බෑ යැයි තීරණයක්?   


PCR රිපෝර්ට් එනකන් එළියට බෑ යැයි තීරණයක්?   

කොවිඩ් මර්දන විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා තවත් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) සඳහන් කළාය.

පී සී ආර් පරීක්ෂණවලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහැරට යාම වැළැක්වීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරිම සහ ඔක්සිජන් ඇතුලූ අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිල දී ගෙන මධ්‍යස්ථාන වෙත ලබාදීම සම්බන්ධයෙන්ද  මෙහිදී  අවධානය යොමුව තිබේ.

මේ අතර කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්වලට ප්‍රමුඛතාවය දෙමින් අනෙකුත් දිස්ත්‍රික්වල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරිම, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරිම, දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුලින් පී සී ආර් පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරිම, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම, දැනට පරීක්ෂණ කටයුතු සදහා එකතු වී ඇති සාම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කිරීම මෙම යෝජනා අතර වේ.

ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගෙන ඒ පිළිබදව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට අවධාරණය කර තිබේ.



Source link