June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

lanka C news | මරණ ගණන වැඩිවීම වැලකිය නොහැකියි.. ලංකාව බරපතල අනතුරක… උපදෙස් කැඩුවොත් කොරෝනා මරණයක් ස්ථිරයි..


April 25, 2021 at 10:02 pm | lanka C news

අද වන විට රට පවතින්නේ බරපතළ අවදානම මොහොතක යැයි රාජ්‍ය ඖෂධ සංස්ථාව සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

මෙහෙම ගියොත් මරණ ගණන වැඩිවීම නතර කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙරට රෝහල් ධාරිතාව මේ වන විට බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඉන්දියාවේ තත්ත්වය ද අපට ඇතිවිය හැකි බවත් ඒ මහතා කියා සිටී.

එනිසා සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් මරණය ස්ථිර බව ද ඔහු දැඩිව අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

11,938 views



Source link