June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

lanka C news | පහසුකම් ඉල්ලා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් කුණුහරුපෙන් බනිති.. තර්ජන කරති..


May 9, 2021 at 1:20 pm | lanka C news

පහසුකම් ඉල්ලා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් කුණුහරුපෙන් බනිති.. තර්ජන කරති..

ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරන ලද කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් එහි ඇති යම් යම් පහසුකම් වල අඩු පාඩු හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින බවත්, තර්ජනය කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ තත්ත්වය හේතුවෙන් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දැඩි කලකිරීමෙන් සිටින බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රට තුළ මේ මොහොතේ උදාවී ඇත්තේ බලාපොරොත්තු නොවූ ව්‍යසනකාරී තත්ත්වයක් නිසා සුළු සුළු අඩුපාඩු දරාගෙන මෙම තත්ත්වය සමනය කර ගැනීමට උදව්වන්නැයි ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා පාලනය සඳහා දැනට අනුගමනය කරන කරන ක්‍රමවේද මඟින් ආසාදිතයන් වාර්තා වීම අඩු කර ගැනීමේ හැකියාවක් නැතැයි බිම් මට්ටමේ තත්ත්වය අනුව පෙනී යන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

18,521 views



Source link