June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

IPL තරගාවලියේ සුපර් කිංග්ස් කණ්ඩායමේ මයිකල් හසීට කොවිඩ් 19 | Sri Lanka Breaking News


ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසීට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මීට පෙර එම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ඇතුළු තිිදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබුණා,

චෙන්නායි කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයන් හමුවීම හේතුවෙන් IPL තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ අතර නැවත ආරම්භ වන දිනයක් තවමත් තීරණය කර නොමැත.

තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් පුහුණුකරුවන් ඇතුළු බොහෝ පිරිසක් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.

මේ අතර IPL තරගාවලියට සහභාගිවීමට ඉන්දියාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, විස්තර විචාරකයන් ඇතුළු පිරිසක් සිය රට බලා යාමට නොහැකිව ඉන්දියාවේ සිර වී සිටිනවා. ඊට හේතුව කොවිඩ් අවදානම හේතුවෙන් ඉන්දියාව සමග සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබීමයි.

මේ නිසා මාලදිවයින හෝ ශ්‍රී ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට යාමට එම ක්‍රීඩකයන් ඇතුළු පිරිස සැළසුම් කරමින් සිටින අතර කෙසේ නමුත් ඊට මෙරට රජයෙන් හෝ මාලදිවයින් රජයෙන් හෝ තවමත් අනුමැතිය හිමිව නොමැත. ක්‍රීඩකයන් ඇතුළු 40 කට ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට යාම සඳහා බලා සිටින බවයි වාර්තා වන්නේ.



Source link