June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

86 දෙනෙකු රැගත් ඉන්දීය යාත්‍රා 11 මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම නාවික හමුදාව වළකයි


පුද්ගලයින් 86 දෙනෙකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට දැරූ උත්සාහයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ව්‍යර්ථ කර තිබෙනවා. ඒ, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිත විශේෂ මුර සංචාරවල නිරත නාවික හමුදා සාමාජිකයින් විසින්.

නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීමේ අවදානමක් පවතිනවා. එය මැඩපැවැත්වීම සදහා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹ දිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර අදාළ ඉන්දීය යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දිය බලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සදහන් කළා.

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link