June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

“ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට බලයක් නැහැ”


හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බවට ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කර ඇති ප්‍රකාශයට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිය අප්‍රසාදය පලකර තිබේ.

එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් මෙලෙස අප්‍රසාදය දක්වා ඇත.

එසේම ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බවද ඔවුහු අවධාරණය කරති.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති බවත්, එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයිද එම සංගමය ප්‍රශ්නකර සිටී.

අදාළ නිවේදනය පහත දැක්වේ.Facebook





Source link