June 19, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

හමුදාපතිගෙන් ප්‍රතිකාර තැන් 8ක්; නාමල්ගෙන් මාතර සිට කටුනායකට ඇඳන්


තෙවැනි කොවිඩ් රැල්ල බරපතලවීමත් සමඟ දිනෙන් දින කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහල යාම නිසා ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 10,000කින් යුක්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 08ක් ආරම්භ කර ඇති බව කොඩිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.එහි මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා යුදහමුදාව විසින් පාලන කරනු ලබන ඇඳන් 1200කින් සමන්විත සීදූව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතී.

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ අධීක්ෂණය සඳහා යුද හමුදාපතිවරයා හා ඔහුගේ බිරිය ඊයේ (08) සංචාරයක නිරත විය.

මේ අතර, දින 10න් ඇඳන් 10,000ක් ප්‍රදානය කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

එම ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් නාමල් මහතා විසින් අද (09) සිදු කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව, මාතරින් ආරම්භ කර කටුනායක දක්වා අද ස්ථාන 6ක් අමාත්‍යවරයා නිරීක්ෂණය කිරීමට නියමිතය.

 දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව හමුවේ සෞඛ්‍ය අංශවල ඉල්ලීමට අනුව කඩිනමින් තාවකාලික රෝහල් ඉදිකිරීමේ අවශ්‍යතාව මත මේ රෝහල් ඉදිකරණ බවද තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.Covidhospital1covidhosital2covidhospital3covidhospital4covidhospital5





Source link