June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක්



1990 සුවසැරිය සේවයට අලුත් ගිලන් රථ 112 ක් ලබා ගැනීමට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කර තිබෙන යෝජනාව කොවිඩ්-19 වසංගතය උත්සන්නව තිබෙන මේ අවස්ථාවේ ඉතාමත් කාලෝචිත එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

එක ආණ්ඩුවක් කරපු දේ අනිත් ආණ්ඩුව නතර කිරීම, ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති මාරුවීම නිසා අද පවතින තත්ත්වයට රට පත්ව තිබෙන බව පවසන මන්ත්‍රීවරයා කියාසිටින්නේ සුවසැරියට ද  විවේචන එල්ල වූ බවයි.

”නමුත්, ඒ ව්‍යාපෘතියේ තිබෙන සාර්ථකත්වය රටම පිළිඅරගෙන තිබෙනවා. ඒ ගැන මට අවංක සතුටක් දැනෙනවා. සමහරු කිව්වා, මේ ගිලන් රථ ටික ඉවර වුණහම මේ ව්‍යාපෘතියත් ඉවරවෙයි කියලා. නමුත්, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වර්තමාන රජයද දක්වන ඉහළ දායකත්වය වෙනුවෙන් මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමියටත්, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, සොහාන් ද සිල්වා මහතා ඇතුළු සුවසැරිය කාර්ය මණ්ඩලයටත් රට වෙනුවෙන් ඔවුන් කරන සේවය වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා.”
 
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නොමද සහයෝගය දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් මන්ත්‍රීවරයා සිය ස්තූතිය පළකරයි. 




Source link