June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සුදේව අද සිට වැඩ !



ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කළ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කළ කිංස්ලි රත්නායක මහතා අද ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී සිය තනතුරුවල වැඩ ආරම්භ කළේය.

පවත්නා වසංගත තත්වය හේතුවෙන් මෙම අවස්ථාවට සීමිත පිරිසක් පමණක් සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සුදේව-කිංස්ලි දෙදෙනා වැඩ භාරගත් අතර මේ අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා ඇතු පිරිසක් සහ ජනාධිපති/අගමැති මාධ්‍ය අංශයේ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

UN




Source link