June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සිසුන් රැසක් ගණිත අංශයෙන් උසස් ප්‍රථිපල ලබා ගනියි


2020 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ඊයේ නිකුත් කෙරුණා. මෙවර උසස් පෙළ විභාගයෙන් හොඳම ප්‍රථිපල පෙන්වූ සිසු සිසුවියන් බොහෝ පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට පළාත්වල අයවීම විශේෂත්වයක්.

කෙසේ වුවත් මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානය ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ සමත්වුවා. 

එමෙන්ම ජීව විද්‍යා අංශයේ දෙවන ස්ථානය හිමිකර ගනු ලැබුවේ ද කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙක් වීම කැපී පෙනෙන සිදුවීමක් වුවා.

උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් මීට පෙර කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ස්ථානය දිනා ගනු ලැබුවේ 2015 වසරේදීය. 

මේ අතර නිකුත් වී ඇති උසස් පෙළ ප්‍රථිපල අනුව කොළඹ රාජකීය විදුහලේ ගණිත අංශයෙන් විභාගයට පෙනි සිටි සිසුන් විශාල පිරිසක් උසස් ලෙස සමත්ව ඇත.

කොළඹ රාජකීය විදුහලේ හිටපු විදුහල්පති බි.ඒ. අබේරත්න ගේ කාල සීමාවේදී පාසැලේ අධ්‍යාපන කටයුතු කඩා වැටීමකට ලක්වූ බවට ඇතැම් ආදී සිසුන් චෝදනා කර සිටියා. 

කෙසේ වුවත් උසස් පෙළ විභාගයෙන් වසර 05 කට පසුව ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථාන දෙක ද ඇතුළුව ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට විද්‍යාලයේ සිසුන් සමත්වීම විශේෂත්වයක්.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link