June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව – පුවත්


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මානව සම්පත් සංවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ සේවකයන් සඳහා ‘මාර්ග නීති සහ ආරක්ෂාව’ පිළිබඳ පුහුණු සැසියක් අද (30) පාර්ලිමේන්තුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගත් පුහුණු වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස පැවති මෙම පුහුණුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක ඩි.බී.ටී. දිසානායක මහතා සම්පත් දායක ලෙස සහභාගී වෙමින් ‘මෝටර් රථ පනත හා මාර්ග භාවිතය සහ රියදුරන්ගේ ආකල්ප’ පිළිබඳව කාර්යමණ්ඩල සාමාජිකයන්ව දැනුවත් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා සහ මානව සම්පත් සංවර්ධන කාර්යාංශයේ ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ ශ්‍යාමා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගී වූහ.

 



Source link