June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව – පුවත්


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වී ඇති බවත් ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දන්වා යවා තිබේ.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(01) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අද (07) උදෑසන ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

 



Source link