June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

“විවේචන හා විරෝධයට අත්අඩංගුවට ගැනීම් පුරවැසි නිදහස උල්ලංඝනය කිරීමක්”


දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු, සමාජයේ සාමාජිකයෙකු / පාර්ශවකරුවෙකු ලෙස බැරෑරුම් අදහස් බෙදා හැරීමේ හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්වයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව කියා සිටී.

එම සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව දක්වා ඇති අතර ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක් ද යන්න තීරණය කිරීම බාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති අය පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලැකිළිමත් බවද එමගින් අවධාරණය කර තිබේ.
පැමිණිල්ලක් සම්බන්ධ පූර්ණ විමර්ශනයට පෙර ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ චෝදනාවක් මත පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමේ දී දැඩි ලෙස සැලකිලිමත් අන්දමින් එය සිදුකළ යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

එහි වැඩිදුරටත්, මෙසේද දක්වා ඇත.

උපුටා ගැනීම.

“එසේම එම අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රික වටිනාකමකට හා නිදහසට දක්වන ගරුත්වයට අනුකූල විය යුතුය. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදුකළ යුත්තේ මූලික නිදහස ආරක්ෂා වන පරිදිය. එසේ ම, එමගින් නිදහස් ප්‍රකාශනයේ අයිතිය මර්දනය කිරීමක් සිදු නොවිය යුතුය. කරන ලදැයි සැලකෙන නීතිමය වරද සම්බන්ධයෙන් පරිස්සම් සහගත ලෙස සලකා බලා වෘත්තීයමය අන්දමින් තක්සේරුවක් සිදුකර අත්අඩංගුවට ගැනීමට සත්‍ය, සාධාරණ හේතුවක් තිබේ ද යන්න නිගමනය කිරීම වඩාත් යහපත් බව අපගේ දැක්මයි.”

උපුටා ගැනීම අවසන්.

වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන විරෝධයක් නැතත්, අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් එම නීති භාවිතා නොකරන බව සහතික කිරීම වැදගත් යැයි ද එහි දැක්වේ.

රජය, දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසෙහි ඓන්ද්‍රිය කාරණයක් බව නඩු තීන්දුවල ඒවා උපුටා දක්වමින් අධිකරණය පෙන්වා දී ඇති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියා සිටී.

සම්පූර්ණ නිවේදනව පහත දැක්වේ.

BAR Press RE 01

BAR Press RE 01

BAR Press RE 01

 

 

 

 





Source link