June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

විපක්ෂයෙන් හුස්මක් – කොරෝනා ව්‍යසනයට එරෙහි සජබ සමාජ මෙහෙවර 



දිනෙන් දින මහත් ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙන කොරෝනා වෛරසය මුළු ලෝකයටම මෙන්ම අපේ මාතෘභූමියටද බලවත් තර්ජනයක් බවට පත්ව තිබේ.

 එවන් තත්ත්වයක් තුළ ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය පිළිබඳව අත්නොහරින වගකීමක් සහ වගවීමක් සමගි ජන බලවේගය සතුව ඇති අතර මේ ව්‍යසනයට මැදිව අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන අද (11) ආරම්භ කරනු ලැබිණි.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙවැනි රෝහල් උපකරණ පරිත්‍යාග කරමින් මිනිසුන්ගේ ජීවත්වීමේ අපේක්ෂාවන් දැල්වීමට විපක්ෂ නායකයා ප්‍රමුඛ සමගි ජනබලවේගය කටයුතු කළ අතර එහි නව අදියර අදින් ආරම්භ කෙරේ.

කොරෝනා ව්‍යසනය සහ එහි පෙර ලකුණු චීනයේ ආරම්භ වූ මොහොතේ සිටම ඊට පෙර සූදානම් වීමේ අවශ්‍යතාවය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නිරන්තරයෙන්ම ආණ්ඩුවට සහ අදාල බලධාරීන්ට අවධාරණය කරනු ලැබීය.

 ඉන් නොනැවතී සම්ප්‍රදායික විපක්ෂයක ස්වරූපයෙන් මිදී හාන්සි පුටු දේශපාලනය අතහැර දමා සමගි ජන බලවේගයත් එහි නායකත්වයත් ජනතා හිතසුව පිණිස වන බොහෝ වැඩසටහන්වලට ප්‍රමුඛතාවය ලබා දෙන ලදී.

එමෙන්ම කොරෝනා  ව්‍යසනය හේතුකොටගෙන ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීම වෙනුවට ජනතාවාදී වැඩපිළිවෙලක අවශ්‍යතාවයන් නිරන්තරයෙන් අවධාරණය කිරීමටද විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන ලදී.

 පක්ෂ පාට භේද පසෙක ලා මෙරට සමස්ත ජන පරපුරේ ජීවිත අපේක්ෂාවන් දල්වනු පිණිස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද දන්වා සිටී.

විපක්ෂ නායක මාධ්‍ය අංශය




Source link