June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ලේ බැංකුව හිස් – රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ආයාචනයක් !



කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය දැඩි අර්බුදයට ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වනවිට තම ආයතනය සතු රුධිර සංචිත ප්‍රමානය ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බවයි ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසන්නේ.

ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ සංචරණ සීමා පැනවීම හේතුවෙන් රුධිර පරිත්‍යාගශීලීන් රුධිරය ලබාදීම සඳහා ඉදිරිපත් වීමේ අඩුවක් පවතින බවයි.

වෛද්‍යවරයා පවසන්නේ දෛනිකව රුධිර ඒකක 1200 ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි. අවම වශයෙන් රුධිර ඒකක 800 ක් වත් දෛනිකව ලැබිය යුතු නමුත් මේ වනවිට දෛනිකව ලැබෙන රුධිර ඒකකය ප්‍රමාණය පහළ ගොස් ඇති බවද ඔහු පවසනවා.

යම් හෙයකින් ඉදිරියේදී රටපුරාම සංචරණ සීමා පැනවීමට සිදු වුවහොත් දැඩි අර්බුදයක් මතුවිය හැකි බවද එදිරිසිංහ මහතා පෙන්වා දෙනවා.

මේ නිසා ප්‍රමාණවත් රුධිර සංචිත පවත්වා ගැනීම සඳහා සහාය වන්නැයි ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී. කොළඹ, නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත හෝ ප්‍රාදේශීය මට්ටමින් පිහිටා ඇති රුධිර පරිත්‍යාග මධ්‍යස්ථාන වෙත හෝ පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකි බව එදිරිසිංහ මහතා පවසනවා.

ක්ෂණික ඇමතුම් මගින් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

UN




Source link