June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ලාංකිකයෝ පැයකට කෝටි 25ක ණයකාරයෝ



රටේ ණය අර්බුදයට අනුව ආණ්ඩුව ජනතාව පැයකට රු. කෝටි 25ක ණයකරුවන් බවට පත්කර ඇති බව හිටපු කෝප් කමිටු සභාපති, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඒ අනුව රජයේ සමස්ත නොපියවූ ණය 2019දී රුපියල් බිලියන 14,155ක්ද 2020 වනවිට එය රුපියල් බිලියන 16,427ක් බවට පත්ව ඇති බව ඊයේ (09) ජ.වි.පෙ. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා අනාවරණය කළේය.

මධ්‍යම රජයේ ණය පමණක් රුපියල් බිලියන 15,000ක් සහ රජයේ අනෙකුත් ආයතනවල ණය සහ ඇපකරත් සමඟ එය රුපියල් බිලියන 16,427ක් වී ඇතැයි වාර්තා වේ.

වසරක් ඇතුළත පමණක් බිලියන 2,272කින් රටේ ණය පංගුව වැඩි කර ඇතැයි පවසන ඒ මහතා සඳහන් කළේ 1948-2005 දක්වා රට දිගින් දිගටම ගත් ණයවල එකතුව බිලියන 2,226ක් බවත් ඛේදවාචකයේ තරම තවදුරටත් පැහැදිලි වන්නේ 2020දී පමණක් බිලියන 2272ක ණය ගැනීමෙන් බවත්ය.





Source link