June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ලාංකිකයෙකුට අමෙරිකාවේ ඉහළ තනතුරක්


ලාංකිකයෙකුට අමෙරිකාවේ ඉහළ තනතුරක්

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ව පත්කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකළ බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.

මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ඔහු, කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන  අතර, ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඇමෙරිකාවේ වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ. ඇමෙරිකාවට සංක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔහු වසර 25කට වැඩි කාලයක් පුරාවට  විශාල කොලිජි දෙකක පර්යේෂකයෙකු හා පරිපාලකයෙකු ලෙස කටයුතු කර ඇත.

 



Source link