June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ලංකාවේ පන්සලක් චීනයේ හදන්න කැබිනට් අනුමැතිය 


ලංකාවේ පන්සලක් චීනයේ හදන්න කැබිනට් අනුමැතිය 
මහජන චීනයේ හෙනාන් හි පිහිටි වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායේ බෞද්ධ විහාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබේ.

ඒ වෙනුවෙන් වයිට් හෝස් විහාරයත්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වී ඇත.

එහි ඉදිකිරීම් කටයුතු මෙරට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය සියලු අරමුදල් සපයනු ලබන්නේ වයිට් හෝස් විහාරස්ථානය විසින් වීම විශේෂිතය.



Source link