June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

රෝහලේ ඉඩ නැති නිසා ආසාදිත කාන්තාවක් බස් එකේ ගෙදර ගිහින්



කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගත් කාන්තාවක්, රෝහලේ නේවාසික පහසුකම් නොමැති වීම නිසා මගී බස් රථවලින් අනාරක්ෂිත ලෙස සිය නිවසට ගොස් තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ අලව්ව ප්‍රදේශයෙනි.

අදාල කාන්තාව උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයෙන් පෙළීම නිසා සුවසැරිය ගිලන් රථයක් ආධාරයෙන් දඹදෙණිය මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ පසුගිය 28 වැනිදායි. රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ නමුත් ඇයට ප්‍රතිකාර ලබාදීමට එම රෝහලේ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ඇයට නිවසට වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඉන්පසු එම කාන්තාව දඹදෙණිය රෝහලේ සිට ගිරිඋල්ල දක්වාත් එතැන් පටන් මීරිගම විල්වත්ත දක්වාත් බස් රථවලින් ගමන් කර තිබෙනවා. ඉන් අනතුරුව විල්වත්තේ සිට යත්තල්ගොඩ දක්වා දුම්රියෙන් පැමිණ අලව්ව රත්තරන්හේන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

එදින පස්වරුවේම ඇය දඹදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

UN




Source link