June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මෙරට ගුවන් මගීන්ට ජපානයත් දොර වසයි !



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුළුවීමට අවසර ලබා නොදීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. දකුණු ආසියානු කලාපය තුළ ඉතා වේගයෙන් කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. විශේෂයෙන් ඉන්දීය කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ජපානයේ විශේෂ අවධානය යොමුව තිබේ.

ගුවන් ගමන් වාරණයට ලක් වූ සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය සහ මාලදිවයිනයි. ලබන සිකුරාදා (21) සිට මෙම තහනම ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත් අදාල රටවල සිටින ජපාන පුරවැසියන්ට මෙම තහනම අදාල නොවන අතර ඔවුන් ජපානයට පැමිණි පසු දින 06 ක නිරෝධායන කාලසීමාවකට යටත් කරනු ලැබේ. එම කාලය තුළ 03 වන හා 06 වන දිනවලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී තිබේද යන්න හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල මෙම වසරට කල්දැමූ අතර වසංගත තත්වය යළිත් උත්සන්න වී ඇතත් ඔලිම්පික් උළෙල ජූලි මාසයේදී ආරම්භ කිරීමට ජපානය සූදානම් වෙමින් සිටිනවා. ටෝකියෝ නගරයේ සත්කාරකත්වයෙන් එය පැවැත්වෙන අතර කෙසේ නමුත් මේ වනවිටත් ටෝකියෝ නගරය ලොක්ඩවුන් කර තිබෙනවා.

UN




Source link