June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මාස්ක් ආනයනය තහනම් කරද්දී මාස්ක් දෙකක් පළඳින්නැයි කොවිඩ් ඇමති කියයි



මුව ආවරණ ඉදිරියේදී බරපතල පාරිසරික ගැටලුවක් වනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දෛනිකව මුව ආවරණ ලක්ෂ 15 කට අධික ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවයි.

මෙම තත්වය හමුවේ මුව ආවරණ විදෙස් රටවලින් ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර පරිසර අමාත්‍යවරයා පවසන්නේ පරිසර හිතකාමී මුව ආවරණ දේශීයව නිෂ්පාදන කිරීමට කටයුතු කරන බවයි.

හදිසියේ මුව ආවරණ ආනයනය තහනම් කිරීම හමුවේ රටතුළ මුව ආවරණ හිගයක් ඇතිවිය හැකි බවත් ඒ හරහා දැනට ඉතා අවම මිලකට අලෙවි වන මුව ආවරණවල මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ඉහළ යා හැකි බවත් ඇතැමුන් පවසනවා.

මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් වසංගත පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ තත්වය අවදානම් වී ඇති බැවින් හැකිනම් මුව ආවරණ දෙකක් පැළඳීමට කටයුතු කරන ලෙසයි. රටපුරා පැතිර යන නව ප්‍රභේදවලින් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ දෙකක් පැළඳීම නුවණට හුරු බවයි ඇය පෙන්වා දෙන්නේ.

අනවශය ගමන් බිමන්වල නිරත නොවී හැකිතරම් සංචරණය සීමා කර නිවසට වී සිටිමින් වසංගත තත්වය පාලනය කිරීම සඳහා සහාය දක්වන ලෙස ඇමතිවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN




Source link