June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බැඳුම්කර නඩුව මාසයකින් කල්යයි



මෙම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වයිරස් ව්‍යප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව මෙම නඩුව ජුනි මස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේඛකාධිකාරී විසින් නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය නම්කර තිබේ.

ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයද  විත්තිකරුවන් ලෙස නම් කර ඇත.





Source link