June 19, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බදියුදීන්ට පාර්ලිමේන්තු පැමිණිය හැකිද? – නීතිපති කියයි



පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

පසුගිය අප්‍රේල් 24 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා – සරත් වීරසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්ණ කරමින් සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණීමට අවසර නොදෙන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවන්නේනම් එය අදාල විමර්ශණ කටයුතුවලට අවදානම් තත්වයක් වනු ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේය.





Source link