June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පොහොර තහනමට අදාල ආනයන අපනයන පාල‍කගේ නියෝගය නිකුත් වෙද්දී තහනම යළි සලකා බැලීමට රජය තීරණය කරයි



රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට ‍ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා තීරණය කළ අතර ඒ අනුව එම තහනම මැයි 06 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ඊට අදාල ආනයන අපනයන පාලක අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගය නිකුත් වී තිබෙනවා.

අදාල නියෝගයට අනුව මැයි 06 වැනිදා සිට රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එම ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීම හා විවෘත කරන ලද ණයවර ලිපිවලට මුදල් ගෙවීමද අත්හිටුවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට හා සියලු බැංකුවලට දැනුම් දී ඇති බවද ආනයන අපනයට පාලක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා‍ නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

මේ අතර රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය පිළිබඳව සලකා බැලීමට රජය තීරණය කර තිබෙනවා. ගොවි ජනතාවගෙන් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන විරෝධය හේතුවෙන් පොහාර තහනම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

හෙට (10) දිනයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආනයන අපනයන පාලක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග පැවැත්වෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

UN




Source link