June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පොහොට්ටුව පළාත් සභා ඡන්දයට පස්ස ගහයි!


පොහොට්ටුව පළාත් සභා ඡන්දයට පස්ස ගහයි!
පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ අදාළ ඉල්ලීම කර ඇත්තේ රටේ පවතින වාතාවරණය නිසා බවද පැවසේ. 

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැති අතර පළාත් සභා මැතිවරණය කල් දැමීමේ යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින්ම ඉදිරිපත් කර තිබේ. 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැටලු සහ පනත සංශෝධනය කිරීම ආදී කටයුතු අවසන් කළ යුතු බවටද පක්ෂ නායකයන් සහ දිස්ත්‍රික් නායකයන් බහුතරයකගේ මත වී තිබේ. 

එම හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් යනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග අනාවරණය කරයි.

කෙසේවුවද, මේ රැස්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස්, අසංක නවරත්න යන මහත්වරුන් ද, අතුරලියේ රතන හිමියන් ද නොසිටි බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි. 



Source link