June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පෙම්වතිය බෙදාගන්න බැරිවී ගෝලයා ලොක්කව මරලා පුච්චලා


පෙම්වතිය බෙදාගන්න බැරිවී ගෝලයා ලොක්කව මරලා පුච්චලා
තලංගම ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මාතලේ, රත්තොට, දොඹගොඩ ප්‍රදේශයේ ළඳු කෑලෑවක පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු ඉකුත් 30 වැනිදා අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය සඳහන් කළේය.

මාතලේ, කලල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාතලේ, ලෑලිඅඹේ, දෙහිදෙනිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. 

 
ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා කොළඹ, මාලඹේ පදිංචි 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තලංගම, තලාහේන ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගොස් තිබේ.

ප්‍රධාන සැකකරු මෙම සමාගමේ සේවය කරමින් සිට ඇත. 

 
එම ආයතනයේම සේවය කරන තරුණියක් සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙනගොස් තිබේ. 
 
ඒ අතරතුර ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ද අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුරය ප්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර එහි තිබු ලිපිගොනු රැසක්ද පොලිසිය සොයා ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ පපොච්චාරණයකදී අනාවරණය වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 
එහිදී සැකකරු කියා ඇත්තේ ව්‍යාපාරිකයාගේ ගෙල කපා ඝාතනය කර මාතලේට රැගෙන විත් උකුවෙල ඉන්ධන පිරවුම් හලෙන් පෙට්‍රල් මිලදීගෙන දොම්බගොඩ ප්‍රදේශයේදී මළසිරුර පුළුස්සා දැමූ බවය.



Source link