June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පුද්ගලයින් තුන් දෙනෙකු නිවස තුලදීම මිය ගිහින් | Sri Lanka Breaking News


මාලබේ ප්‍රදේශයේ පුද්ගලයින් තුන් දෙනෙකු නිවස තුලදීම මිය ගොස් තිබෙනවා.

මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන් තිදෙනාට කොරෝනා අසාදනය වී ඇති බවටයි.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යවරයා සදහන් කලේ මියගිය පිරිස එකම පවුලේ බිරිද සහ ඇයගේ ස්වාමි පුරුෂයා මෙන්ම අසල්වැසි නිවසක ජිවත් වූ ඔවුන්ගේ ඥාති කාන්තාවක් බවයි.

මියගිය යුවලගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිදද මේ වන විට කොරෝනා ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඥාති කාන්තාවගේ දියණියටද මේ වන විට කොරෝනා වැළදී ඇති බවයි වාර්තා වන්නේ.



Source link