June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පිළියන්දල පොලිස් වසම යළි හුදකලා කිරීමට අවශ්‍ය දැයි තීරණ | Sri Lanka Breaking News


පිළියන්දල පොලිස් වසම යළි හුදකලා කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීම සදහා එම ප්‍රදේශ වල තත්වය පිලිබද ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් අද එම ප්‍රදේශයට පිටත් කර හරින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේම තීරණය ගත් බවද ඔහු කියා සිටියා.

පහුගිය 02දා පෙරවරුවේ හුදෙකලා කෙරු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 42 ක් පසුදා උදෑසන වන විට යලි හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම ගැන මේ වන විට පවතින්නේ දැඩි ආන්දෝලාත්මක තත්වයක්.

ඒ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වුණේ කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණි ලොකුගේටයි.



Source link