June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පාස්කු ප්‍රහාරයට අදාලව ජනතා නීතිඥයෝ සංවිධා‍නයෙන් CIDයට පැමිණිල්ලක් !



2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා නීතිඥයෝ සංවිධානය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කළේ, පාස්කු ‍ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය නොවූ කරුණු ගණනාවක් තිබෙන බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් විසින් පාස්කු ප්‍රහාරයට පෙර ආරම්භ කර ඇති රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිළධාරියෙකු සහ ඔහුගේ බිරිඳ සහයෝගය ලබා දී ඇති බව පෙන්වා දෙන සේනක පෙරේරා මහතා පවසන්නේ ඒ පිළිබඳව මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුව නොමැති බවයි.

පාස්කු ප්‍රහාරයට අදාල ඇතැම් සිදුවීම් පිළිබඳව විමර්ශන සිදු නොවීම හරහා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහ මොළකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේද යන සැකය මතුවන බවත්, ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා, ජනතා නීතිඥයෝ සංවිධානය ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකළ බවත් සේනක පෙරේරා මහතා පවසනවා.

UN




Source link