June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ප්‍රවීන් මංගල තරගයෙන්ම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ආක්‍රමණය කරයි



සිය මංගල ටෙස්ට් තරගය සහභාගිවෙමින් වමත් දඟපන්දු යවන්නෙකු මංගල තරගයේදී දැක්වූ හොඳම දස්කම වාර්තා කළ ප්‍රවීන් ජයවික්‍රම ලෝක ක්‍රිකට් ‍ක්‍ෂේත්‍රය පුරාම කතාබහට ලක්විය. ඔහු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 06 ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී යළිත් සාර්ථක වෙමින් ලකුණු 86 කට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව තරගය පුරා ලකුණු 178 කට කඩුලු 11 ක් දවා ගැනීමට ඔහු සමත් වූ අතර එය ශ්‍රී ලාංකිකයෙකු මංගල තරගයේදී පන්දුවෙන් දැක්වූ හොඳම දස්කමද වේ. මෙම දක්ෂතාවය හේතුවෙන් මංගල තරගයේදීම තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමටද ප්‍රවීන් සමත් විය.

ශ්‍රී ලංකා – බග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසුව නිකුත් වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රවීන් ජයවික්‍රම පන්දු යවනන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ එකම ටෙස්ට් තරගයක් පමණි.

මෙම තරගයේදී ඔහුගේ සහායක දඟපන්දු යවන්නා ලෙස කටයුතු කළ රමේෂ් මෙන්ඩිස් 88 වැනි ස්ථානයේ රැඳී සිටී.

මේ අතර තරගාවලියේ වීරයා වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිත්තෙන් දැක්වූ දස්කම් අනුව පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මෙය මෑත කාලයේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු පැමිණි ඉහළම ස්ථානයයි.

UN




Source link