June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නුවරඑළිය නගරාධිපති හිතුවක්කාරයෙක් අවුරුදු උත්සව තියලා


සිංහල අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව නැවත රටපුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ආණ්ඩුව පවසන්නේ ජනතාව වසංගතය අමතක කළ අලුත් අවුරුද්ද සැමරීම හේතුවෙන් වසංගත තත්වය යළි උත්සන්න වූ බවයි. ජනතාව පවසන්නේ උත්සව සමයේදී රජය විසින් සංචරණ සීමා පැනවීම ඇතුළු කටයුතු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වසංගත තත්වය උත්සන්න වූ බවයි.

උත්සව සමයේදී බොහෝදෙනා නුවරඑළිය ඇතුළු පළාත්වල සංචාරය කරන අකාරය ජනමාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රචාර‍ය විය.

මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ අලුත් අවුරුදු සැමරුම් තවදුරටත් පැවැත්වෙන බව වාර්තා වේ. ඊයේ (25) දිනයේදීද ග්‍රෙගරි වැව ආසන්නයේ අලුත් අවුරුදු උත්සවයක් පවත්වා තිබෙනවා. නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවුරුදු උත්සවය සඳහා නගර සභා සේවකයන් සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව අදාල අවුරුද උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මධ්‍යඹ පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා.

ආණ්ඩුකාරවරයා පවසන්නේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නුවරඑළිය වසන්ත උදානය සඳහා සහභාගි වන පුද්ගලයන් සීමා කරන ලෙසත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසත් නගරාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබූ බවයි. එ‍සේ තිබියදී නගරාධිපතිවරයා විසින්ම එම උපදෙස් නොතකා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා පවසනවා.

අදාල අවුරුදු උත්සවයේදී නගරාධිපතිවරයා විසින් නගර සභා සේවකයන්ට මත්පැන් පවා ලබා දී ඇති බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.



Post Views:
0



Source link