June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිත තරුණියන් හසුවෙයි | Sri Lanka Breaking News


බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කරයි.

ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවයි.

එමෙන්ම බත්තරමුල්ලට ආසන්න ටී.සී. ගාර්ඩ්න් ප්‍රදේශය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයකින් ද කොවිඩ් රෝගී තරුණියන් හමුව තිබේ.

මෙම සම්භාහන මධ්‍යස්ථානවලට පැමිණි පුද්ගලයන්ගේ ලේඛනයක් හෝ එම ස්ථානවල නොමැති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කර සිටි.

මේ හේතුවෙන් දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.



Source link