June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දෛනික ලෙඩ්ඩු හාරදහස පනිද්දී මැලේසියාවේ අගමැති රට ලොක්ඩවුන් කරයි!



කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩිවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා හෙට (12) සිට ජුනි 07දා දක්වා හුදෙකලා කිරීමට සීමා ප්‍රකාශයට පත්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහයිඩින් යසින් මහතා විසින් මෙම හුදෙකලා නියෝගය සංචරණ පාලන නියෝගයක් ලෙස හඳුන්වා ඇත්තේ, වසංගතයේ තෙවැනි රැල්ල සමග මැලේසියාව ජාතික අර්බුදයක් කරා යොමුවනු ඇති බව පවසමිනි.

මැලේසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදන සඳුදා වනවිට 4,000ක් ඉක්මවා ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. 

සක්‍රීය කොරෝනා රෝගීන් 37,390ක් සිටින අතර, මැයි 10 වනවිට මියගිය සංඛ්‍යාව 1,700කි.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල ව්‍යුහයට බලපෑම් කළ හැකි ඉහළ ආසාදන අනුපාතයන් සහිත නව ප්‍රභේදයන් බිහිවීම ගැන යසින් අනතුරු ඇඟවා ඇත.

රටපුරා හුදෙකලා සීමා යටතේ අන්තර් රාජ්‍ය හා අන්තර් දිස්ත්‍රික් සංචරණ සමග සියලුම සමාජ රැස්වීම් තහනම් කර තිබේ.

අවන්හල්වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර, රැගෙන යාමට පමණක් අවසර ඇත. 

එසේම මංගල උත්සව හෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා අවසර නැත. අධ්‍යාපන ආයතනද වසා ඇත.

මැලේසියාව තවමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, වසංගතය පාලනය කිරීම සඳහා අගමැති විසින් ජනවාරි මාසයේදී එය ප්‍රකාශයට පත් කර තිබිණි.

මැලේසියාවේ පළමු වරට රට පුරා ලොක්ඩවුන් සීමා පනවනු ලැබුවේ 2020 මාර්තු 18 සිට මැයි 03 වැනිදා දක්වාය.





Source link