June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දිස්ත්‍රික්ක හතරක වසම් හයක් හුදකලා කරයි!



දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම සේවා වසම් හයක් අද අලුයම සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති  ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා කියයි.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.

අද සිට  හුදකලා කළ ප්‍රදේශ මෙසේය.

මාතර දිස්ත්‍රික්කය

මාතර පොලිස් බලප්‍රදේශයේ – උයන්වත්ත 417 G හා උයන්වත්ත උතුර 417 D ග්‍රාම නිලධාරී වසම්

මාතලේ දිස්ත්‍රික්කය

රත්තොට පොලිස් බලප්‍රදේශයේ  – උඩහපුවිද E367 ග්‍රාම නිලධාරී වසම

මහනුවර දිස්ත්‍රික්කය

කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ – වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම හා කොස්ගස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්කය

කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ – මැද කිරිමැටියාන 466A ග්‍රාම නිලධාරී වසම

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය – නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම





Source link