June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තවදුරටත් ආසාදිතයන් ඉහළ ගියොත් පළාත් සීමා වහන්න වෙයි



දෛනිකව මෙරටින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියහොත් පළාත් අතර සීමා දැඩි කිරීමට සිදුවන බවත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඉදිරි දින කිහිපය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ තත්වය හා වෛරස ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

කෙටි කාලසීමාවකට හෝ රටම වසා දැමිය යුතු බවට දින කිහිපයකට සිට රජයට දැඩි බලපෑම් එල්ල වී ඇති නමුත් රජය සහ සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ එසේ රටම වසා තැබීමේ අවශ්‍යතාවයක් උද්ගතව නොමැති බවයි.

UN




Source link