June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තත්වය තවදුරටත් අවදානම් – සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි



මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 25% – 28% අතර ප්‍රමාණයකට රෝග ලක්ෂණ පෙන්වන බවත් එසේ රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන්ගෙන් 17% ක පමණ ප්‍රමාණයකට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන බැවින් ඔවුන්ට ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති බවත් වාර්තා වේ. අද පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් තාක්ෂණ කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය විය.

කොවිඩ් රෝගීන්ගෙන් 05% කට ආසන්න ප්‍රමාණයකට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවද අනාවරණය වේ. මෙරට රෝහල් පහසුකම්වල ධාරිතාවය අනුව එය සැළකිය යුතු තත්වයකි.

තාක්ෂණ කමිටු රැස්වීමේදී, දැනට භාවිතා කරන නිරෝධායන ක්‍රමවේදය පිළිබඳව මෙන්ම පීසීආර් පරීක්ෂණ කඩිනම් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා.

අවසන් දින 10 තුළදී පමණක් කොවිඩ් ආසාදිතයන් 20,384 ක් හා කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ ප්‍රමාණය 149 ක් බවද එහිදී අනාවරණය විය. එය ආසන්න වශයෙන් දිනකට මරණ 15 ක පමණ සාමාන්‍යයකි.

එක් දිනක් තුළ සිදු වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ (10) දිනයේදී වාර්තා විය. එය මරණ 26 ක් වන අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

UN




Source link