June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ජාතික රෝහලේ MRI හා CT ස්කෑන් අංශ වැසෙයි 



කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරන විකිරණ ශිල්පීන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම අංශයේ පිහිටි එම්ආ.ර්අ.යි. හා සී.ටී. ස්කෑන් යන අංශ තාවකාලිකව වසා දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. 

 

මෙම තත්ත්වය හේතුවෙන් එම අංශවල සිදු කෙරෙන සියලූම එම්.ආර්.අයි හා සී.ටී. ස්කෑන් පරීක්ෂණ කටයුතු ඇනහිට ඇති බවද එම සංගමය කියයි.
 
ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ඇතුළු විකිරණ ශිල්පීන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ද මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වේ.

 
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ මේ වන විට දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන සිය ශිල්පීන් 18 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බවයි. 

 

ජාතික රෝහලේ විකිරණ ශිල්පීන්ට අමතරව මොණරාගල, බදුල්ල, දික්ඔය හා අංගොඩ උණ යන රෝහල්වල සේවය කරන එක් විකිරණ ශිල්පීයෙකු බැගින්ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

 

එසේම දැනට සියයට 50ක පමණ විකිරණ ශිල්පී හිඟයකින් පෙළෙන සිය සේවාව පවතින තත්ත්වය හමුවේ රජයේ රෝහල් බොහොමයක සිය සේවාවන් පවත්වාගෙන යෑම අසීරු වී ඇති බව සඳහන් කළේය.





Source link