June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

චීනෙට වන්දනාමාන කරන පාලකයෝ නිසා රටම නීච ජාතියක් කරලා



මේ වන විට GSP සහනය අහිමි වීමේ අනතුරක් මතුව ඇත්තේ රටක් ලෙස ශ්‍රී ලංකාව චීනයට පමණක් වන්දනාමාන කරන තත්ත්වයට පත්ව තිබෙන හෙයින් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

චීනයට සිමා වෙමින් මෙරට ආණ්ඩුව කරයුතු කරමින් සිටින දෙස බලා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ගෙල සිරකරන තැනට කටයුතු කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

දැනටමත් ඇඳේ සිටින ආර්ථිකයට හුස්මක් ගත හැක්කේ මෙම GSP සහනය යුරෝපා මත්ස්‍ය සහනය හේතුවෙන් වන හෙයින් එය අහිමි වුවහොත් රට යන අත හිතා ගත නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

2010 අගෝස්තුවේදී එනම් මහින්ද රාජපක්ෂ සමයේදී මෙම GSP සහනය රටට අහිමි වූ අතර එය නැවත ලබා ගැනීමට හැකි වූයේ 2017 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ වන අතර නැවතත් එය අහිමි කරගන්නා තැනට කටයුතු නොකරන ලෙසයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටියේ.

ASK

 




Source link