June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ගුටි කෙළියෙන් පසු මන්ත්‍රීනියකගෙන් පැමිණිලි


මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර තමන්ට පහර දුන් බව කියමින් නාගරික මන්ත්‍රීනි සිවිත්‍රි ගුණසේකර ඊයේ (6දා) මහරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

නගර සභාව තුළ පැවැත්වුණු සාකච්ඡාවක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටින විටදී මන්ත්‍රීවරයා පැමිණ ජංගම දුරකථනයට පහරදී තමාටද පහරදුන් බව මන්ත්‍රීවරිය මහරගම පොලිසිය වෙත පැමිණිලි කර ඇත. අද (07දා) දෙපාර්ශ්වයම මහරගම පොලිසිට කැඳවා සිදුවීම විමර්ශනය කිරීමට නියමිතය.

හේමන්ත ලියනපතිරණ

The post ගුටි කෙළියෙන් පසු මන්ත්‍රීනියකගෙන් පැමිණිලි appeared first on Aruna.



Source link