June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ගංගා සංරක්ෂිත කලාප නම් කිරීමේ වැඩපිළිවෙළක්..


COLOMBO (News 1st) : ගංගා සංරක්ෂිත කලාප නම් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

ඒ , සුරකිමු ගංගා වැඩසටහන යටතේ ය.

මෙරට තුළ ඇති ගංගා සංඛ්‍යාව 103 ක් වන අතර , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ගංගා ආශ්‍රිතව දත්ත රැස් කර තිබේ.

එහිදි අනාවරණය වී ඇත්තේ, විවිධ පුද්ගලයින් විසින් ගංගා ද්‍රෝණි විනාශ කිරීමේ නීති විරෝධී කටයුතුවල යෙදෙන බවය.

ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන පමණක් දස දහස් හත්සියකට වැඩි සංඛ්‍යාවක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය එහිදී නිරීක්ෂණය කර තිබේ.

එහිදි වැඩිදුරටත් හෙළිවි ඇත්තේ , කිසිදු ගංගාවකට සංරක්ෂිත කලාප නම් කර නොමැතිවීම නිසා , විවිධ පුද්ගලයින් නිවාස, ව්‍යාපාරික ස්ථාන, හා වගාව සඳහා ගංගා සමීපයේ වු ඉඩම් අත්පත් කර ගෙන සිටින බවය.

එබැවින් දැනට ගං ඉවුරු ආශ්‍රිතව ඇති ඉඩම් අල්ලාගෙන සිටින පිරිස් ඉන් ඉවත් කිරීමට අවධානය යොමුවී තිබේ.

ගංගාවක සිට මීටර් 150 ක් යන තෙක් කිසිදු ඉදි කිරීමක් හෝ වගාවන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ , එවැනි ඉඩම් ගංගා සංරක්ෂිත කළාප ලෙස නම් කර ගංගාවල සුරක්ෂිතභාවය සඳහා පවරා ගන්නා බවයි.

ගංගාධාරවල පදිංචිව සිටින පුද්ගලයින් විකල්ප ස්ථානවල පදිංචි කරවීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්





Source link