June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොළඹ, ගම්පහ, කලුතර ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කෙරේ



වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කර ඇති අතර, මෙතෙක් හුදෙකලා කර තිබුණු ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව, 

කොළඹ දිස්ත්‍රික්කයේ 
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ

හල්පුත ග්‍රාම නිලධාරි වසම
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
පොල්හේන ග්‍රාම නිලධාරි වසම යන ග්‍රාම නිලධාරී වසම් ද 

ගම්පහ දිස්ත්‍රික්කයේ 
කඩවත පොලිස් බලප්‍රදේශයේ

ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම යන ග්‍රාම නිලධාරී වසම් ද 

කළුතර දිස්ත්‍රික්කයේ 
අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිම්ඹුර ග්‍රාම නිලධාරි වසම
මතුගම පොලිස් බලප්‍රදේශය යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබේ. 

මේ වනවිට හුදෙකලා බවින් ඉවත්කර ඇති ප්‍රදේශ වන්නේ, 

කළුතර දිස්ත්‍රික්කයේ,
බදුරලිය පොලිස් බලප්‍රදේශයේ ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම සහ

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම, පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම යන ප්‍රදේශයන් ය. 

RN




Source link