June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකු…

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරිම.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරිම.

දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුලින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරිම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම.

දැනට පරීක්ෂණ කටයුතු සදහා එකතු වී ඇති සම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කිරීම.

PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරිම.

මේ වන විට සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිල දී ගෙන මධ්‍යස්ථාන වෙත ලබාදීම.

එමෙන්ම PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරිම සහ ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදල මගින් ලබාදීම.

COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන රැස්වීමේ තීන්දු



Source