June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් ප්‍රශ්නයේදී ජනාධිපතිවරයාගේ හැසිරීම උඩඟුයි,මෝඩයි සහ අපරිණතයි



කොවිඩ් 19 වසංගතය හමුවේ රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුලික වශයෙන් වගකිව යුතු වන්නේ ජනාධිපතිවරයා,ආණ්ඩුව,රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්,අත්හැරීම්,තීන්දු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (11) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී.

විශේෂයෙන් ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයේදී හැසිරුණේ උඩඟු,මෝඩ සහ අපරිණත අයුරින් බවයි ඔහු කියාසිටියේ. 

”ඔහුගේ හැසිරීම කිසිවෙකුට ඇහුම්කන් නොදෙන,හිතුවක්කාර,තක්කඩි ප්‍රවේශයක් බවට වර්ධනය වී තිබෙනවා. ඒ නිසා මොකක්ද සිදු වී තිබෙන්නේ. අද මේ තත්ත්වයට ගත යුතු පිළියම් පිළිබඳව මීට වගකිවයුතු සෞඛ්‍ය අංශ,වගකිවයුතු විශේෂඥවරු ජනාධිපතිවරයා ඉදිරියේ විවෘත සාකච්ජාවකට නොගිහින් තිබෙනවා. විවෘත කරුණු ඉදිරිපත් නොකරමින් තිබෙනවා. ඉදිරිපත් කිරීම යෝග්‍ය නැහැ, එය වෙනත් ප්‍රශ්නයක් ඇති වේ යැයි යන බියජනක තත්ත්වයක් මතු වී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ හැසිරීම අද අපේ රටේ ජනතාවගේ ජිවිත බිලිගනිමින් තිබෙනවා. රටම විශාල අනාරක්ෂිතභාවයකට පත්කොට තිබෙනවා. අපි නැවතත් කියන්නේ මේ තත්ත්වය ඕපපාතිකව නිර්මාණය වූවක් නෙවෙයි.”

මෙහිදී මෙම කාර්යයට අදාළව නායකත්වය දෙන ජනධිපතිවරයාගේ සිට සෞඛ්‍ය අංශයේ අමාත්‍යවරු සිය වගකීම නිසි ලෙස ඉටුකර නොමැති බවත් ඔවුන් හැසිරුණේ නාඩගම්කාරයින් ලෙස බවත් අනුර දිසනායක මහතා පෙන්වා දුන්නේය. 

ඒ අනුව මෙම ප්‍රශ්නයේදී මෙම දේශපාලන කණ්ඩායම අසමත් බව ඔහු අවධාරණය කරන ලදී. 

එමෙන්ම කොවිඩ් පාලනය සඳහා ගොඩනගන ලද යාන්ත්‍රණය ද අසමත් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මුල් අවදියේ කොරෝනා පාලනය සඳහා විශාල දායකත්වයක් දැක්වූ එමෙන්ම විශාල ප්‍රසාදයකට පත් දීර්ඝ කාලයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අනිල් ජාසිංහ,වසංගත රෝග විශේෂඥවරියක වන පබා පළිහවඩන මහත්මිය,ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැනි අයව  අද දවස වන විට පත්කර ඇති තත්ත්වයන් තුළ එය වටහා ගත හැකි බව මෙහිදී අනුර දිසනයක මහතා පෙන්වාදුන්නේය. 

ASK 




Source link