June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා වසංගතය නිසා රට වැසීමේ හැකියාවක් නෑ



කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරනවා මිස රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වෛරසයට එරෙහිව සටන් කරන අතරම ජනතාවගේ ආර්ථික තත්වය පිළීබඳව අවධානය යොමුකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

අධිවේගී මාර්ග පද්ධතිය යනු තම රජය දැඩිව විවේචනයට ලක්වූ ව්‍යාපෘතියක් බවත් එම විවේචන කළ පිරිස් අදවනවිට අධීවේගී මාර්ග භාවිතයට ගැනීම පිළීබඳව තමන් නිහතමානීව ආඩම්බර වන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.





Source link