June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක්



දකුණු කොරියාවේ එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. 

කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණයක් වශයෙන්, එකඟ වූ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම මුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට එකඟතාව පළ කර තිබිණි. 

ඒ අනුව ඊට අදාළ ගිවිසුම අද (10) මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ කොරියානු තානාපති වුන්ජින් ජියොන් මහතා විසින් අත්සන් තබා ඇත. 

RN




Source link