June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක්



කොරියානු රජයේ අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා ගැනීමට ගිවිසුමකට එළඹි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ඒ අනුව, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘති මූල්‍යනය කිරීමට 2020-2022 කාල සීමාව සඳහා නව කාර්යරාමු එකඟතාවයකට අත්සන් කිරීමට කොරියානු සහ ශ්‍රී ලංකා රජයන් එකඟ වූ බවද එහි දැක්වේ.

මෙම සහනදායී ණයෙහි ණය පොළී අනුපාතය 0.15%-0.20% වැනි අවම අගයක් ගන්නා අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වන බවද පැවසේ.

ඊට අමතරව, හොඳ සම්බන්ධීකරණයකින් අදාළ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට, 2016 දී කොළඹදි විවෘත කරන ලද කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත කාර්යාලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ද දෙපාර්ශවය එකඟ වී ඇත.

මෙම කාර්යරාමු එකඟතාවය මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ කොරියානු තානාපති වුන්ජින් ජියොන් මහතා අතර අද (10) ගිවිසුම් අත්සන් කර තිබේ.





Source link