June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කෘෂි රසායන ඉල්ලූ ගොවීන්ට අගමැතිගෙන් සහනයක්


කෘෂි රසායන නිෂ්පාදන කිහිපයක් පමණක් ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා.

ඒ, ආනයන අපනයන නීතී වලට අනුවයි. එම කෘෂි රසායන ආනයනය කිරීමට මැයි මස 06 වනදා සිට අවසර හිමි වන අතර  ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේකයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

අදාල චක්‍රලේකය ඉදිරි දින කිහිපයේදී ගැසට් කිරීමට නියමිතයි.

කෘෂි රසායනික නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා. ඒ පිළිබඳ ඉකුත් දින කිහිපයේදීම දැඩි කතාබහක් මතුවූ අතර ගොවීන් ඉල්ලා සිටියේ කෘෂි රසායන භාවිතය තහනම් කරන්නේ නම් ඒ සඳහා කඩිනම් ආදේශකයක් ලබාදෙන ලෙසයි.

ගොවීන්ගේ එම ගැටළු සලකා බලමින් කෘෂි රසායනික නිෂ්පාදන කිහිපයක තහනම ඉවත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link