June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කළුතර රියදුරු පුහුණු පාසැල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්වෙයි



කළුතර රියදුරු පුහුණු පාසැල ලබන සතිය වන විට කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසුවේය.

දිළුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ අද (05) මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය  ධූරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ලංගම සේවකයින්  යම් කිසි අවස්ථාවක ආසාදිත වුවහොත් ඔවුන්ගේම මධ්‍යස්ථානයක එම රැකබලාගැනීමේ කටයුතු සිදුකිරීමේ අරමුණිනුයි එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනුයේ.   

මේ වන විටත් ලංගම රියදුරු හා කොන්දොස්තර මහත්වරුන් 52ක් කොවිඩ් 19 ආසාදිත තත්ත්වයට පත්ව සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

තුන්වන කොවිඩ් 19 රැල්ල ආරම්භ වීමෙන් පසුව නීති උල්ලංඝනය කිරීම නිසා මාර්ග බලපත්‍ර හතළිහකට වැඩිය තහනම් කිරීමට සිදුවූ බවත් ඒ අතර ලංගම සේවකයින් කිහිප දෙනෙකුද වැඩ තහනමට ලක්කර සිටින බවත් අමුණුගම මහතා සඳහන් කරන ලදී. 

දිළුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර  ගැනීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර,තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් යන මහත්වරුන් ද එක්විය. 

ASK




Source link