June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ලංකාවට හෝ මාලදිවයිනට!



ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලිය කල් යාමත් සමග එරට සිරවී සිටින ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට පැමිණ සිය මව්රටට යාමට නියමිත බව වාර්තා වේ.

 

මේ අයුරින් ක්‍රීඩකයන්, ක්‍රීඩා විස්තර විචාරකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් ඇතුළු ඕස්ට්‍රේලියානු ජාතිකයන් 38ක් ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිත බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතුරු ප්‍රධාන විධායක නිලධාරී – නික් හොක්ලි පවසා ඇත්තේ මොවුන්ව ඉතා ඉක්මනින් හා ආරක්ෂිතව සිය රටට යැවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි.

මේ වන විට ඉන්දියාවේ සිට ඍජුව ඕස්ට්‍රේලියාවට යාම තහනම් කර ඇති අතර, එම නීතිය උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට වසර 5ක සිරදඬුවමක් හෝ / හා ඕස්ට්‍රේලියානු ඩොලර් 66,000ක දඩයක් නියම වනු ඇත. මෙම තහනම මැයි 15දා යළි සමාලෝචනයට ලක්කිරීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී – ටොඩ් ග්‍රීන්බර්ග් පවසා තිබුණේ නිරෝධායනය වීම සඳහා එරට තුළ විශේෂ පහසුකම් ක්‍රීඩයකන් විසින් ඉල්ලා නැති බවයි.

පළමු පියවර වන්නේ ඔවුන්ව ඉන්දියාවෙන් පිටතට ගැනීම බවත්, දෙවැනි පියවර වන්නේ ඔවුන්ව ආරක්ෂිතව යළි මව්රටට ගෙන්වාගැනීම බවත් ඔහු තවදුරටත් පවසා ඇත. 

යළි සිය රටට යාමෙන් අනතුරුව නිරෝධායන වීමට සිදුවන බව මොවුන් දැන සිටි බවත්, අනපේක්ෂිත සිදුවීම වූයේ ඕස්ට්‍රේලියාවේ දේශසීමා වැසීම බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර, හිටපු ටෙස්ට් ක්‍රීඩක මයිකල් හසී හට මේ වන විට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවෙන් පිටව යාමට අවසර ලැබීමට ඔහුට දින 10ක් සිය හෝටලය තුළ නිරෝධායනය වීමට සිදුවේ.

කෙසේවෛත්, IPL තරගාවලිය හා එක්වූ ඇඩම් සැම්පා, කේන් රිචර්ඩ්සන් හා ඇන්ඩෲ ටයි ස්ව-කැමැත්තෙන්ම පසුගිය මාසයේදී යළිත් සිය මව්රටට ගොස් තිබුණි.

 

සබැඳි පුවත් :

ඉන්දියාවෙන් මව්රටට යන ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට සිරදඬුවම්! 

(Except for the headline, this story, originally published by abc.net.au has not been edited by SLM staff)

 





Source link